අපනයන ප‍්‍රවර්ධනය සදහා අපනයන මුල්‍යකරණ පහසුකම්වල කාර්යභාරය සහ අදාළත්වය

මෙම සියවස ආරම්භයේ සිට ශී‍්‍ර ලංකාවේ අපනයන එහි දළ දේශීය නිශ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස පමණක් නොව ගෝලීය අපනයනවල ප‍්‍රතිශතයක් ලෙස ද, පහත වැටී තිබේ. නිදහස ලැබුණු වකවානුවේ දී, වර්තමානයට වඩා ඉහළ ගෝලීය වෙළදපොළ කොටසක් අත්කර ගැනීමට ශී‍්‍ර ලංකාවට හැකිව තිබුණි.

මෙම අධ්‍යනය ශී‍්‍ර ලංකාව මෙතෙක් කල් මුහුණපා ඇති බාධක මැඩපැවැත්වීමට සහයෝගයක් ලබාදිය හැකි ප‍්‍රතිපත්ති යෝජනා හදුනාගැනීමට දරණ ප‍්‍රයත්නයකි.