Published on Lankadeepa
(විමුක්ති එස් රුද්‍රිගු)
සමාජ මාධ්‍ය තුළ හැසිරීම නියාමනය කිරීම සඳහා වන පනත් කෙටුම්පතක් රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව දන්නේ තම සමීක්ෂණයට සහභාගී වූ ජනතාවගෙන් තුනෙන් එකක් බවත් එය ප්‍රතිශතයක් ලෙස සියයට 34 ක් බවත් වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.
එම පනත නිසා සමාජය මාධ්‍ය භාවිත කිරීමේ නිදහස සීමා වනු ඇතැයි එම පනත පිළිබඳ දන්නා බව ප්‍රකාශ කළ තුන් එකක ජනතාවගෙන් සියයට 56 කගේ මතය බව වෙරිටේ රිසර්ච් ආයතනය පෙන්වා දී ඇත.එම පිරිසෙන් සියයට 25 ඉන් වැඩි වෙනසක් සිදු නොවේවී යැයි විශ්වාස කරන බවත් සියයට 19 ක පිරිසක් සමාජ මාධ්‍ය අවභාවිත වීම ඉන් අඩුවනු ඇති බව විශ්වාස කරන බවත් වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.
Last modified: April 4, 2024