සංක්ෂිප්ත සටහන: ශ්‍රී ලංකාවේ ණය කළමනාකරණය
මෙම සංෂිප්ත සටහනෙන් පෙන්වා දෙන්නේ ණය වාර්තාකරණයේදී මධ්‍යම රජයේ ආයතන වලින් පරිබාහිරව ඇති රාජ්‍ය ආයතනවල විදේශ ණය ඊට ඇතුලත් කිරීමට අපොහොසත් වීම ලංකාවේ ණය බර අවතක්සේරුවට හේතු වන බවයි. මෙයට හේතුපාදක වන එම තොරතුරුමය ගැටළුව කොටස් තුනක් ඔස්සේ මෙහිදී පැහැදිලි කර ඇත.
රාජ්‍ය විදේශ ණය සහ මධ්‍යම රජයේ විදේශ ණය අතර වෙනස පළමු කොටස තුළින් කෙටියෙන් දැක්වේ. දෙවන කොටසෙන් රාජ්‍ය විදේශ ණය සංයුතිය පිළිබඳව වාර්තාකරණය සම්බන්ධ තොරතුරු ගැටලූව චීන ණය උදාහරණයක් ලෙස ගනිමින් පැහැදිලි කරයි. මධ්‍යම රජයේ ගිණුම් වල ඇති ණය රාජ්‍ය සංස්ථාවල ගිණුම් වලට විතැන් කිරීමෙන් විදේශ ණය පිලිබඳ දත්ත වෙනස්කිරීමට හැකියාවක් ඇති බව තුන්වෙනි කොටසෙන් පෙන්වා දෙයි. අවසාන කොටසින් අවධාරණය කරන්නේ ලංකාවේ ණය බර නිවැරදි ලෙස පිළිබිඹු වන ආකාරයට ණය තොරතුරු වාර්තාකරණය වැඩි දියුණු කිරීමේ ඇති තීරණාත්මක වැදගත්කමයි.
- Research Briefs
Verité Research, as the name implies, is an independent think tank with research at its core. We carry out this research along four areas –economics, politics, media, and law. Leveraging this research, we provide strategic analysis and advice to governments, organisations, and the private sector in Sri Lanka and beyond.