ජාත්‍යන්තරව පිළිගත් ශී‍්‍ර ලාංකික සන්නාමයන් ගොඩගැනීමේ ඉදිරි පියවරක් ලෙස වෙළද ලකුණු ලියාපදිංචිය සදහා සරළ ක‍්‍රමවේදයක් හදුන්වාදීම

මැඞ්රිඞ් ප්‍රොටෝකෝලය යනු වෙළද ලකුණු විදේශයන්හි ලියාපදිංචිය සදහා ඇති සරල, ගෝලීය ක‍්‍රමවේදයකි. ශී‍්‍ර ලාංකික ව්‍යාපාරවලට වෙළද ලකුණු විදේශ රටවල ලියාපදිංචියේ දී මුහුණදීමට සිදුවන දුෂ්කරතාවයන් එමගින් සමනය කරගත හැක.මැඞ්රිඞ් ප්‍රොටෝකෝලයෙන් ප‍්‍රතිලාභ ලබාගැනීමේ දී, වෙළද ලකුණු ශී‍්‍ර ලංකාව තුළ ලියාපදිංචි කිරීම තීරණාත්මක පළමු පියවරකි.

නමුත් ව්‍යාපාරවලට තම වෙළද ලකුණු ශී‍්‍ර ලංකාව තුළ ලියාපදිංචි කිරීමේ දී මුහුණදීමට සිදුවන ප‍්‍රමාදයන් සහ දුෂ්කරතා සදහා විසදුමක් මැඞ්රිඞ් ප්‍රෙටෝකෝලය හා එක්වීමෙන් නොලැබෙනු ඇත. එසේම සෑම වසරකම, පුලූල් වන දේශීය වෙළද ලකුණු ලියාපදිංචිය සදහා ඉදිරිපත් වන ඉල්ලූම්පත් සංඛ්‍යාව සහ ලියාපදිංචිය සිදුකෙරෙන වෙළද ලකුණු සංඛ්‍යාව අතර පරතරය කෙරෙහි ද, ඉන් බලපෑමක් ඇති නොවනු ඇත. එහෙත් මෙම ගැටලූවට විසදුමක් ලබාදීමට අපොහොසත් වීම, මැඞ්රිඞ් ප්‍රොටෝකෝලය හා එක්වීමෙන් අත්වන වාසි සීමා කිරීමට හේතු වනු ඇත.

Visited 44 times, 1 visit(s) today
Close